ජනපති හා ඕස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් අතර හමුවක් | දිනමිණ


 

ජනපති හා ඕස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් අතර හමුවක්

ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩි හෝලි (David Holly) මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.
 
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තමාගේ සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහකොමසාරිස් වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවට  ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබා දීමට මැදිහත් වන බව සදහන් කළේය. 
 
ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

නව අදහස දක්වන්න