කාර්මික රසායනික ද්‍රව්‍ය ආරක්‍ෂිතව භාවිතා කිරීම සහතික කිරීමට අධිකාරියක් | දිනමිණ

කාර්මික රසායනික ද්‍රව්‍ය ආරක්‍ෂිතව භාවිතා කිරීම සහතික කිරීමට අධිකාරියක්

කර්මාන්ත සදහා සැලසුම් සහගත රසායනික ද්‍රව්‍ය නිසි ලෙස භාවිතා කිරීමට බාධා නොකර රසායනික ද්‍රව්‍යවල ආරක්‍ෂාව, සුරක්‍ෂිතභාවය සහ ආරක්‍ෂිතව භාවිතා කිරීම සහතික කිරීමේ අරමුණින් ජාතික අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය. 
 
2007 වසරේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද රසායනික අවි සම්මුති පනත යටතේ මෙරට රසායනික අවි සම්මුතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සහිත ජාතික අධිකාරියක්, ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇත. කර්මාන්තයන්හි අවශ්‍යතා සපුරාලීම සදහා පහසුකම් සපයමින් රසායනික අවි සම්මුතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහිතක කිරීම ආරක්‍ෂක අමාත්‍යංශය මගින් සිදු කරන බව පසුගියදා කොළඹ පැවැති සම්න්ත්‍රණයකදී ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේය.
 
ආසියානු කලාපයේ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයට අයත් සාමාජික රටවල රසායනික ද්‍රව්‍යවල ආරක්‍ෂාව සහ ආරක්‍ෂිත කළමනාකරණය සම්බන්ධයෙන් තෙදින සම්මන්ත්‍රණයක් පසුගිය සතියේ කොළඹ දී පැවැත්වුනි.
 
එහිදී ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ ද්විත්ව භාවිත රසායනික ද්‍රව්‍ය අවභාවිතයෙන් ඉවත් කිරීම සෑම අයෙකුගේම වගකීමක් බවත් පූර්වාරක්‍ෂණ පිළිවෙත් තිබියදීත්, රසායනික භාවිතය නිසා විනාශකාරී සිදුවීම් ද සිදුවී ඇති හෙයින් රසායනික ද්‍රව්‍ය කළමනාකරණය ක්‍රියාත්මක කිරීම වැදගත්වන බවය. 

නව අදහස දක්වන්න