අන්තර්ජාල සුරතලා ලිල් බබ් මිය යයි | දිනමිණ


 

අන්තර්ජාල සුරතලා ලිල් බබ් මිය යයි

අන්තර්ජාලයේ ඉමහත් ප්‍රසිද්ධියක් අත්පත් කරගත් සුරතල් සතුන් අතුරින් ඉතා සුවිශේෂ පූසෙකු වූ ලිල් බබ් මරණයට පත් වී ඇති බව වාර්තා වේ. ලිල් බබ්ගේ හිමිකරු වන මයික් බ්‍රිදාව්ස්කි ඉන්ස්ටාග්‍රෑම් ගිණුමෙන් සිය සුරතලා පිළිබඳ තැබූ අතිශය සංවේදී සටහනකින් මේ බව ලොවට දැනුම් දී ඇත. මෙම පූසා රෝගී තත්ත්වයක් නිසා සිය ජීවිත කාලයේම කුඩා පූස් පැටවකුගේ ශරීර ප්‍රමාණයේ සිට ඇත. ලිල් බබ්ගේ ජනප්‍රියත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බාහිර ස්වරූපයයි. නිසි පරිදි සංවර්ධනය නොවූ හනුවක් තිබීම නිසා මෙම පූසාගේ දිව නිතරම තිබී ඇත්තේ මුවෙන් එළියට වන්නට ය. මේ සියලු රෝගාබාධ තත්ත්වයන් නිසාම සුරතල් පෙනුමකින් යුත් මෙම පූසා අන්තර්ජාලයේ ආකර්ෂණයක් බවට පත්ව ඇත්තේ 2012 වර්ෂයේදී ය. මිය යන විට පූසාගේ වයස අවුරුදු 8ක් වූ බව පැවසේ. මේ මරණය නිසා ලොව පුරා සමාජ මාධ්‍ය ජාල පරිශීලයකන් ශෝකයට පත්ව ඇත.

නව අදහස දක්වන්න