නව වසරට සෙත් පතා පින්කම් | දිනමිණ


 

නව වසරට සෙත් පතා පින්කම්

ලබන්නාවූ නව වසරට(2020) ආශිර්වාද පළකරමින් ශ්‍රි ලංකා යුධ හමුදාවේ මූලිකත්වයෙන් පෙරේදා(07)සවස අනුරාධපුර මිරිසවැටිය චෛත්‍ය අභියසදී පුන්‍ය උත්සවයක් පැවැත්විණි.

මිරිසවැටිය චෛත්‍යරාමාධිපති ඊතළ වැටුනවැවේ ඥානතිලක නාහිමි හා ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ වල්පොල ගෝතම,අස්ගිරිය විහාරවාසි කර්මාචාර්ය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරුකුඹුරේ ධම්මරතන යන හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ආරක්ෂක අංශ හා පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම පිංකම පැවැත්විණි.රටට ජාතියට සෙත්පතමින් කප්රුක් පුජා,ධර්ම දේශනා ඇතුළු පිංකම් කිහිපයක් මෙහිදී පැවැත්විණි.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ජායාරුප-අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න