හිටපු අගමැති රනිල් පක්ෂයේ උපදේශක කරන්න | දිනමිණ


 

හිටපු අගමැති රනිල් පක්ෂයේ උපදේශක කරන්න

පසුපෙළ මන්ත්‍රීන්ගෙන් යෝජනාවක්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීන්දුව මෙම 25 වැනිදා වන විට ප්‍රකාශයට පත් කරනු ඇති බවත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලින් පසු ජනවාරී 1 දා සිට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණයට සුදානම් වන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ වන විට රටේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් බහුතරයක් පක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අවශ්‍ය බවට පවසන අතර රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජයග්‍රහණයට තමන්ට හැකි සෑම සහයෝගයක් ම ලබා දෙන මේ අවස්ථාවේ රටේ ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන වටපිටාවක් සකස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීවේය.

නව අදහස දක්වන්න