මාන්කුලම කැලෑවක අයිතිකරුවකු නැති කේජී තොගයක් | දිනමිණ


 

මාන්කුලම කැලෑවක අයිතිකරුවකු නැති කේජී තොගයක්

වටිනාකම කෝටි 2 1/2යි

කිළිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ කැලයක සඟවා තිබූ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා අයිතිකරුවකු නොමැති කේරළ ගංජා කිලෝග්‍රෑම් පනහක තොගයක් 10 දා පොලීසිය සොයා ගෙන තිබේ.

මෙම කේරළ ගංජා තොගය කිලෝ දෙක බැගින් අඩංගු පාර්සල් 25 ක බහා පොහොර උර තුනක දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

කේරළ ගංජා තොගය රැගෙන එන ලද පිරිස ආරක්ෂක අංශ වලට කොටු වේ යැයි යන බිය නිසා මේ කේරළ ගංජා පාර්සල් කැලයේ සඟවා තබන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත සොයා ගන්නා ලද මෙම කේරළ ගංජා තොගය වැඩි දුර පරීක්ෂණ සදහා මාන්කුලම පොලීසිය වෙත රැගෙන විත් තිබේ.

මේ කේරළ ගංජා තොගයේ අයිතිකරුවන් සොයා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයත් මාන්කුලම පොලීසියත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

 උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න