මංගලගේ එම්සීසී ගිවිසුම එජාපයේ පරාජයට හේතු වුණා | දිනමිණ


 

මංගලගේ එම්සීසී ගිවිසුම එජාපයේ පරාජයට හේතු වුණා

 මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

මංගල සමරවීර හිටපු ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තු කණ්ඩායම නිසි ලෙස දැනුවත් කිරීමකින් තොරව එම්සීසී ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ජනාධිපතිවරණය පරාජය වීමට ප්‍රධාන හේතුවක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසී ය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබූ මොහොතක එම්සීසී ගිවිසුම පිළිබඳ පක්ෂ නායකත්වය ඇතුළුව පාර්ලිමේන්තු කණ්ඩායම ඊට වඩා දැනුවත් කිරීමට තිබූ බවත් හෙතෙම අවධාරණය කළේ ය.

ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

වසර හතරාමාරක කාලයක් තිස්සේ පැවැති ජනාධිපතිවරයා සහ රජය අතර පැවැති මතගැටුම් , මහා සංඝරතන්ට එල්ල වූ චෝදනා , තරුණ ඡන්ද අහිමිවී යාම , එම්සීසී ගිවිසුම ආදිය ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමට බලපෑ බවත් මෙහිදී ජයවර්ධන මහතා ප්‍රකාශ කෙළේ ය.

එම්සීසී ගිවිසුම පිළිබඳ රට දැනුවත් විය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැහැදිලි කෙළේ ය.

ඡායාරූපය - රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න