Tergo සුපිරි වාහන සේවා මධ්‍යස්ථානයක් පාමන්කඩ දී | දිනමිණ

Tergo සුපිරි වාහන සේවා මධ්‍යස්ථානයක් පාමන්කඩ දී

රෙඩ්ලයින් කැපිටල් හි පූර්ණ හිමිකාරීත්වය දරන ටර්ගෝ ඔටෝ කෙයාර් සිය අති නවීන වාහන සේවා මධ්‍යස්ථානය කොළඹ 6, පාමංකඩ දී අද විවෘත කළේය. සමාරම්භක උත්සවය නවලෝක හෝල්ඩින්ග්ස් හි අධ්‍යක්ෂ හර්ෂිත් ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මෙම අවස්ථාවට රෙඩ්ලයින් කැපිටල් හි කළමණාකාර අධ්‍යක්ෂ චන්දුල පෙරේරා, අධ්‍යක්ෂිකා ගිවන්ති ධර්මදාස ඇතුළු බොහෝ වාහන ලෝලීන් සහභාගී වූහ.

සමාරම්භක උත්සවය අමතමින් රෙඩ්ලයින් කැපිටල් හි කළමණාකාර අධ්‍යක්ෂ චන්දුල පෙරේරා මහතා පැවසුවේ ”ටර්ගෝ දැනටමත් උසස් තත්ත්වයේ සේවාවන් සේවා කර්මාන්තය තුළ ස්ථාපිත වී ඇති බවයි. එම ව්‍යාපාරයේ සිටියදී උසස් තත්ත්වයේ වාහන රැකවරණය සහ සේවා සැපයීම සඳහා වෙළඳපොලේ ඇති පරතරය අපි දුටුවෙමු. ශ‍්‍රී ලංකාව සතුව සුපිරි මෝටර් රථ සහ සුඛෝපභෝගී මෝටර් රථ එකතුවක් ඇති අතර හොඳ තත්ත්වයේ වාහන පමණක් සොයන නුවණැති වාහන හිමිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටී. මේ නිසා අපි ටර්ගෝ ප‍්‍රිමියම් ඔටෝ කෙයාර් සොලියුෂන්ස් හි සේවා දියත් කිරීමට තීරණය කළෙමු”‍ යනුවෙනි.

නව අදහස දක්වන්න