නවසීලන්තයේ ගිනිකන්ද පුපුරායාමෙන් ඇතිවූ දැඩි උණුසුම අතුරුදන්වූවන් සෙවීමට බාධාවක් | දිනමිණ


 

නවසීලන්තයේ ගිනිකන්ද පුපුරායාමෙන් ඇතිවූ දැඩි උණුසුම අතුරුදන්වූවන් සෙවීමට බාධාවක්

13ක් මරුට : 18ක් අතුරුදන්

 

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ්හි වකාරි ගිනිකන්ද පුපුරායාම හේතුවෙන් තවමත් එම දූපතෙහි පවතින අධික උෂ්ණත්වය නිසා අතුරුදන්වූවන් සෙවීමේ පර්යේෂණවලට බාධා එල්ලවී තිබේ.

පසුගිය 9දා වයිට් අයිලන්ඩ් ගිනිකන්ද පුපුරා ගොස් ඇති අතර, 13 දෙනකු එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙහිදී අතුරුදන් පුද්ගල සංඛ්‍යාව 18ක් වන අතර, 25 දෙනෙක් බරපතළ තුවාල ලබා ඇත.

 

 

නව අදහස දක්වන්න