අවුන්සාන් සුකී ජාත්‍යන්තර අධිකරණය හමුවට | දිනමිණ

අවුන්සාන් සුකී ජාත්‍යන්තර අධිකරණය හමුවට

 රොහින්ග්‍යා සරණාගත ගැටලුව පිළිබඳව කරුණු දැක්වීමට මියන්මාර නායිකා අවුන් සාන් සුකී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ ඊයේ (11) දින පෙනී සිටියාය.

රට වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ ඇය පෙනී සිටීම හේතුවෙන් ඊට සහය පළ කරමින් මියන්මාර ජනතාව රට පුරා රැළි සංවිධාන කොට ඇත.

නොබෙල් සාම ත්‍යාගලාභිනියක් වන ඇය, රොහින්ග්‍යා ජනසංහාරය සම්බන්ධයෙන් මියන්මාර පාලනයට එරෙහිව එල්ල වන චෝදනා හමුවේ සියරට වෙනුවෙන් පෙනී සිටියි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ ‍පැමිණිලිකොට ඇත්තේ කුඩා අප්‍රිකානු රටක් වන මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන ගැම්බියාව විසිනි.

 

නව අදහස දක්වන්න