MCC නැවත සමාලෝචනයට රජය තීරණය කළ බව නීතීපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි | දිනමිණ


 

MCC නැවත සමාලෝචනයට රජය තීරණය කළ බව නීතීපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට සූදානම් වූ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ පවතින ගිවිසුම්පි ළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇත

නැවත සමාලෝචනය සිදු කරන තෙක් ගිවිසුම්වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Millennium Challenge වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය මෙම දැනුම්දීම සිදු කර ඇත.

මෙම පෙත්සම් අද බුවනෙක අලුවිහාරේ, එල්.ටී..බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල කැඳවනු ලැබීය.

ඒ අනුව පෙත්සම නැවත මාර්තු මස 25 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට මෙම කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද නියම කළේය.

නව අදහස දක්වන්න