බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය බහුතර බලයක් ගනු ඇතැයි විශ්වාසයක් | දිනමිණ


 

බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය බහුතර බලයක් ගනු ඇතැයි විශ්වාසයක්

බ්‍රිතාන්‍යය මහ මැතිවරණයෙන් පාලක කන්සවේටිව් පක්ෂය ආසන 86ක බහුතර බලයක් හිමිකර ගනු ඇතැයි පූර්ව සමීක‍්ෂණ වාර්තා පෙන්වා දී ඇත. අගමැති බොරිස් ඩොන්සන්ගේ නායකත්වයෙන් යුතු ඒම පක‍ෂයට හිමිවනු ඇති බවට අපේක‍ෂිත ආසන සංඛ්‍යාව 368ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 
බ්‍රිතාන්‍යය මහ මැතිවරණය ඊයේ(12) පැවැත්වුණි. දශකයක් තුළ ඒරට පැවැති සිව්වැනි මහ මැතිවරණය මෙය වේ. 
 
පාර්ලිමේන්තුවේ ආසන 650 ක් තෝරා පත් කර ගැනීම සදහා ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කරන ලැබීය. 
 
මෙතෙක් නිකුත් වී ඇති නිල මැතිවරණ ප්‍රතිළුලවලට අනුව විපක‍්ෂයේ කම්කරු පක‍්ෂය අසාන 38ක් දිනාගෙන පෙරමුණේ පසුවේ. ඒසේම පාලක කන්සවේටිව් පක‍්ෂය දිනාගෙන ඇත්තේ ආසන 34ක් පමණි.  

නව අදහස දක්වන්න