ගම් - නගර පිරිසුදු වෙමින්.... | දිනමිණ


 

ගම් - නගර පිරිසුදු වෙමින්....

 

මඩකලපුව

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නගර අලංකාරව තබාගැනීමේ ව්‍යාපෘතිය යටතේ මඩකලපුව නගරය පිරිසුදු කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරුණි. මඩකලපුව මුලස්ථාන පොලිසිය එක්ව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි. මේ ව්‍යාපෘතිය මගින් දීර්ඝ කාලයක් තිස්සේ නගරයේ තිබු අපිරිසුදු ස්ථාන ,කානු පද්ධති, කලපුව, ආදී ස්ථාන පිරිසුදු කෙරිණි. නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති එස්.පද්මනායක නියෝජ්‍ය පොලිස් අධිකාරි බුද්ධික ජයසුන්දර, මුලස්ථාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්ච්, පොලිස් ස්ථානාධිපති අයි.පි. බණ්ඩාර ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.

ඡායාරූපය-මඩකලපුව ටී.එල්.ජව්ෆර්කාන්

මරදාන

ඩෙංගු අවදානම වැඩිම ප්‍රදේශය ලෙස කොළඹ දිස්තික්කය නම් කර තිබේ . දිනකට ලක්ෂ දෙකකට වැඩි ජනතාවක් ගැවසෙන මරදාන දුම්රිය ස්ථානය තුළ ඇති ඩෙංගු අවදානම ඇති ප්‍රදේශ පිරිසුදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පසුගියදා පැවත්විණි . එම දුම්රිය ස්ථානයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ සභාගිත්වය මේ සඳහා ලැබී තිබුණි . දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ මඟපෙන්වීම මෙය ක්‍රියාත්මක වුණි.

ජායාරූපය - බන්දුල අලහකෝන් බොරැල්ල විශේෂ

ඉංගිරිය

පරිසරය සුරැකීමේ ජාතික වැඩසටහනට සමගාමීව ඉංගිරිය පොලිසිය, හොරණ ප්‍රාදේශීය සභාව, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කළ ශ්‍රමදානය පසුගියදා ඉංගිරිය නගරයේදී පැවැත්විණී.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන, ත්‍රිරෝද රථ සංගමය මේ අවස්ථාවට එක්ව සිටියහ.කෘෂිකර්ම රාජ්‍ය අැමැති විදුර වික්‍රමනායක මහතාද මේ අවස්ථාවට එක් විය.

ඡායාරූපය- කුමාරි ගමගේ - ඉංගිරිය සමූහ

 

නව අදහස දක්වන්න