British Way English Academy උපාධි ප්‍රදා­නය උත්ක­ර්ෂ­වත්ව | දිනමිණ


 

British Way English Academy උපාධි ප්‍රදා­නය උත්ක­ර්ෂ­වත්ව

British Way English Academy උපාධි ප්‍රදානෝත්සවය එහි සභාපති ආචාර්ය එච්. ඒ. එස්. ගීතදේව මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරී සිසුන් 500ක් හා ඔවුන්ගේ මව්පියන් ඇතුළු අමුත්තන් 1500ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේදී ඉහළම සාමාර්ථ ලැබූ සිසුන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. British Way English Academy වසර 18ක් පුරා ශ්‍රී ලංකාවේ විශාලම ඉංග්‍රීසි පුහුණු ඇකඩමිය වේ. දිවයින පුරා එහි ශාඛා දහහතරක් ඇති අතර ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳව ප්‍රවීණත්වයක් ඇති ගුරු මණ්ඩලයක් යටතේ සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කරයි. වාර්ෂිකව සිසුහු 25,000කට අධික සංඛ්‍යාවක් British Way English Academy ඩිප්ලෝමා ලබා ගනිති.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවති 7 වැනි ලෝක විද්‍යා කොංග්‍රසයේදී ලෝකයේ හොඳම ඉංග්‍රීසි ඇකඩමිය (2016) ලෙසද, MASSCO සම්මාන උළෙලේදී 2016, 2017, 2018 වර්ෂවල හොඳම ඉංග්‍රීසි ඇකඩමිය ලෙසද සම්මාන දිනූ British Way English Academy ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානයෙන්ද, SLIM සන්නාම විශිෂ්ටතා (2017) සම්මානයෙන්ද, ISO 9001 – 2008 තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත. British Way English Academy සිසුන්ට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම, කෑම මේසයේ චාරිත්‍ර, නායකත්වය, සභාවක් ඇමතීම ආදිය පුහුණු කරයි. එනිසා British Way English Academy අධ්‍යාපන වැඩසටහනට ඉහළ ගරුත්වයක්, පිළිගැනීමක් සහ සමාගම් ක්ෂේත්‍රයේදී ඇකඩමියේ සහතිකවලට ඉහළ වටිනාකමක් හිමි වේ. Advanced Diploma in English, Diploma in English, Certificate of English, BEd in TESL යන පාඨමාලා සඳහා 2020 ජනවාරි මස සිට සිසුන් ඇතුළත් කර ගනු ලබන අතර දෙසැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 10%ක වට්ටමක්ද බ්‍රිටීෂ් වේ ඉංග්‍රීසි ඇකඩමිය විසින් පිරිනමනු ලබයි. වැඩි විස්තර 169, හයිලෙවල් පාර, නුගේගොඩ පිහිටි තේම්ස් කොලේජ් කාර්යාලයෙන් හෝ 0332024141 අංකයෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනයෙන් ලබා ගත හැකිය.

 

නව අදහස දක්වන්න