අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානයට සිය වසක් සපිරෙයි | දිනමිණ

අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානයට සිය වසක් සපිරෙයි

කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයට වසර සියයක් සැපිරීම සහ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියන්ති ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමිගේ ජන්ම දිනය සැපිරීම පෙරදැරි කරගෙන විහාරස්ථානයේ පින්කම් රැසක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

මේ මස 04 වැනි දින පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා නොමිලේ වෛද්‍ය සායනයක් පැවැත්වේ. එහි දී පිළිකා රෝග, සම ආශ්‍රිත රෝග, නාරිවේද සහ කායික රෝග හා මානසික රෝග පිළිබඳ නොමිලේ විශේෂඥ වෛද්‍ය සායන පැවැත්වෙන අතර ලේ, මුත්‍රා සහ වකුගඩු පරීක්ෂණ ද නොමිලේ කර ගත හැකිය. මීට සමගාමීව ලිංගාශ්‍රිත රෝග, ඒඩ්ස් පිළිබඳ පරීක්ෂණ හා දැනුවත් කිරීම්, සෞඛ්‍ය අධ්‍යාපන දේශන හා නොමිලේ ඖෂධීය ප්‍රතිකාර හා භෞතික චිකිත්සක ප්‍රතිකාර සේවා ලබා ගත හැකිය.

05 වැනි දින ලේ දන්දීමේ වැඩසටහන හා සහ නොමිලේ පැළ බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වෙන බව ද සංවිධායක මණ්ඩලය දන්වා සිටී. 18 වැනි දින මහා සංඝරත්නය 50 නමක් සඳහා සාංඝීක දානය පිරිනැමීම, නොමිලේ ඇස් කණ්ණාඩි 275ක් බෙදාදීම, ගැබිනි මව්වරුන් 50 දෙනකුට භාණ්ඩ ලබාදීම සිදු වන බව ද සඳහන් කළේය.

නව අදහස දක්වන්න