භූත විද්‍යාව බනාරස් සරසවි පාඨමාලා අතරට | දිනමිණ

භූත විද්‍යාව බනාරස් සරසවි පාඨමාලා අතරට

උතුරු ඉන්දියාවේ වාරාණසීහි 'බනාරස්' හින්දු විශ්ව විද්‍යාලය භූත විද්‍යාව (Ghost Studies) පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කර ඇත. වෛද්‍යවරුන් සඳහා ආරම්භ කරනු ලැබ ඇති එම පාඨමාලාවේ අරමුණ භූතයන් පෙනෙන බව සහ භූතයන් වැසී ඇතැයි කියන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීමය. මේ පාඨමාලා කාලය මාස හයක් බව සඳහන්ය.

එම භූත විද්‍යා පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ බනාරස් සරසවියේ ආයුර්වේද පීඨය මගිනි. එම ආයුර්වේද පීඨය පෞරාණික හින්දු වෙදකම සහ සායනය පිළිබඳ පාඨමාලා පවත්වා ගෙන යයි. භූත විද්‍යාව සම්බන්ධයෙන් තම විද්‍යායතනයේ වෙනම අධ්‍යයන අංශයක් පිහිටුවා ඇතැයි 'බනාරස්' සරසවියේ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

නව අදහස දක්වන්න