සිටි ලීග් සභාපති කුසලානය ජාවාලේන් ක්‍රීඩා සමාජයට | දිනමිණ

සිටි ලීග් සභාපති කුසලානය ජාවාලේන් ක්‍රීඩා සමාජයට

ප්‍රින්ස් ගුණසේකර

ජයග්‍රාහී ජාවාලේන් ක්‍රීඩා සමාජයේ 19න් පහළ පිල

ශ්‍රී ලංකා පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා අතින් ජයග්‍රාහී කුසලානය පිරිනැමූ අයුරු

සිටි ලීග් සභාපති කුසලාන 19න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව ජාවාලේන් ක්‍රීඩා සමාජය දිනාගනියි. කොළඹ සිටි ලීග් පිටියේ පැවැති අවසන් මහා තරගයේදී වැල්ලවත්ත කුරේ පිල ගෝල් 1- 0කින් පරාජය කොට ජාවාලේන් පිල මේ ශූරතාව සතුකර ගත්තේය.

තරගයේ පළමු භාගයේ ගෝල් වාර්තා නොවූ අතර 54 වැනි මිනිත්තුවේදී මොහොමඩ් රමීස් ජාවාලේන් පිලට ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. මේ තරගාවලියට ජාවාලේන්, වැල්ලවත්ත කුරේ, සෝන්ඩර්ස්, කොළඹ පාපන්දු සමාජය, මොරගස්මුල්ල, ස්ලේවයිලන්, බ්ලැක්ස් ක්වෙයාර්, මාලිගාවත්ත යූත් යන කණ්ඩායම් අටක් එක්ව සිටියහ.

සිටිලීග් පාපන්දු සභාපති ආර්.පුවනේන්ද්‍රන් මහතාගේ ආරාධනාව පරිදි ශ්‍රී ලංකා පාපන්දු සභාපති අනුර ද සිල්වා, ලේකම් යූ. එල්. ජස්වර් හා හිටපු ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරු ජය සංකේත ප්‍රදානයට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න