කඩා වැටුණු ලන්දේසි තැපැල් කන්තෝරුව | දිනමිණ

කඩා වැටුණු ලන්දේසි තැපැල් කන්තෝරුව

පසුගිය දා දෙවනවරටත් කඩා වැටීමකට ලක් වු ලංකාවේ ප්‍රථම තැපැල් කාර්යාලයක් වන හා ලන්දේසි යුගයේ පරිපාලන කාර්යාලය වූ ගාල්ල ලෝක උරුම භුමයේ පිහිටි පැරැණි තැපැල් කාර්යාල පුරා විද්‍යා ස්මාරකය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට පියවර ගන්නා බව සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

මෙම ගොඩනැගිල්ල මේ වනවිට භාගයක් පමණ කඩා වැටීකට ලක් ව ඇති අතර එය තවදුරටත් කඩා වැටීමට ඉඩ නොතබා මහජන ආරක්ෂව ද තහවුරු කරන ලෙසට පසුගිය දා උසාවි නියෝගයක්ද ලබා දි තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙම ගොඩනැඟිල්ලෙහි අනතුරුදායක කොටස් මේ දිනවල කඩා ඉවත් කිරීම සිදුකර ගෙන යන බවත් නෙදර්ලන්තය සමඟ එක් වී මේ පුරාවිද්‍යා ස්මාරකය නැවත පෙර පරිද්දෙන්ම සකස් කොට පෞද්ගලික ආයෝජකයින්ගේද සහය මත මෙහි දකුණේ පාරම්පරික කර්මාන්ත හා අපට උරුම වූ කුළුබඩු නිශ්පාදන හා විකුණුම් මධ්‍යස්ථානන් සහිත හෝටල් සංකීර්ණයක් හා තැපැල් කාර්යාලීය කුඩා කෞතුකාගාරයක්ද ඇතිකිරීමට පියවර ගන්නා බවද පැවසීය.

ගාල්ල දිසා සමුහ

නන්දසිරි වැලිගමගේ

නව අදහස දක්වන්න