බලපිටියේ මවකට තුන් නිවුන් දරු උපතක් | දිනමිණ

බලපිටියේ මවකට තුන් නිවුන් දරු උපතක්

දරු ප්‍රසූතිය සදහා බලපිටිය රෝහලට ඇතුළු වූ මවක් පසුගිය සතියේදී දරුවන් තිදෙනෙකු ප්‍රසූත කළාය. එම දරුවන් තිදෙනාම සීසර් සැත්කමකින් බිහි කළ අතර දරුවන් සහ මව හොද සුවයෙන් පසුවූ බවත් එනිසා ඔවුන් නිවෙස් වෙත යැවූ බවත් රෝහල් ආරංචි මාර්ගයෙන් දැන ගන්නට ලැබුණි.

මේ දරු තිදෙනාගේ මව තිස් එක් හැවිරිදි චන්ද්‍රිකා සරෝජනී සිරිවර්ධන වන අතර පියා තිස් තුන් හැවිරිදි පියල් සිරිවර්ධන වෙයි. ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. මේ යුවළට එකොළොස් හැවිරිදි පුතෙක් සිටී. ඔහුගෙන් පසුව මේ පවුලට එක් වූයේ මෙම නිවුන් දරු තිදෙනාය. චන්ද්‍රිකා මහත්මිය මෙසේ පැවැසුවාය. මට ලැබුණු දරු තිදෙනගෙන් එක් අයෙක් දුවක්. අනෙක් දෙදෙනා පුතාල. දරුවන් ලැබීමට සිටියදී මම වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා ගත්තේ බලපිටිය රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් කාරියවසම් මහතාගෙන්. දොස්තර මහත්තය අපිට සෑහෙන උදව් උපකාර කළා. මනෝරි කියන විශේෂඥ වෛද්‍ය මහත්මියත් මට උපකාර කළා. බලපිටිය රෝහලේ 5,8 සහ 9 වාට්ටුවල කාර්ය මණ්ඩලයත් ඉතා කාරුණිකව මට සැලකුවා. ඒ සැමට ස්තුතිවන්ත වෙනවා.

 අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස

නව අදහස දක්වන්න