මසුන් මරන්න යොදාගත් පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් ත්‍රිකුණාමලයෙන් හමුවෙයි | දිනමිණ

මසුන් මරන්න යොදාගත් පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් ත්‍රිකුණාමලයෙන් හමුවෙයි

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලිමේ ධිවර කටයුතු පිළිබද සෝදිසියකින් සිටි නාවික හමුදාවට ත්‍රිකුණාමලය පොඩවකට්ටු හා සාම්පල්තිව් ප්‍රදේශවලදි සගවා තිබු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනිමට හැකිව තිබේ. සාම්පල්තිව් වෙරළට ආසන්න පොල් ගසක ඉතා සුක්ෂ්මව සඟවා තිබු චාජර් දෙකක් සකස් කිරිමට යොදාගත් හදුනා නොගත් වෙඩි බෙහෙත් පාර්සල් දෙකක්, වොටර් ජෙල් කූරක්, අඩි දෙකක් දිගැති වෙඩි නූල් දෙකක්, විදුලි නොවන ඩෙටනේටර් දෙකක් මෙසේ සොයා ගැනිමට හැකිවිය.

මේ අතර පොඩවකට්ටු කලපුවේ මාළු බෑමේ කටයුතුවල නිරත වු ධිවරයකුගේ බිලි පිත්තකට හමු වු බෑගයක් නාවික හමුදාවට භාර දි තිබේ. එහි තිබි ජෙලට්නයිට් කූරු පහක්, ඩෙටනේටර් 03ක් අඩියක් දිගැති වෙඩි නුලක්, සොයාගත් බව නාවික හමුදාව කියයි. මේ පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධි මසුන් මැරිමේ කටයුතු වලට යොදාගන්නා ඒවා බව නාවික හමුදාව කියයි.

ත්‍රි/මලය විශේෂ

ඒ.ටිඑම් .ගුණානන්ද

නව අදහස දක්වන්න