නව වසර උදාව සමරා අගමැති කතරගම පුදබිමේ විශේෂ ආගමික වතාවත්වල... | දිනමිණ

නව වසර උදාව සමරා අගමැති කතරගම පුදබිමේ විශේෂ ආගමික වතාවත්වල...

2020 නව වසර උදාව සමරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත ඊයේ (01) උදෑසන පැමිණ විශේෂ ආගමික වතාවත් රැසක නිරත විය.

කතරගමට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පැමිණ බුද්ධ පුජාමය පින්කමකට එක්විය.

අනතුරුව අෂ්ඨ ඵළබෝධිය වැඳ පුදාගෙන දිවංගත අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පින් අනුමෝදම් කර පැවැත් වු පිරිත් පින්කමට ද එක්විය.

මෙහිදී ආගමික වතාවත් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රි අභිනන්දාරාමාධිපති කපුගම සරණතිස්ස හිමි සහ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් විසින් සිදුකරන ලදී.

ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ, මොණරාගල දිසා ලේකම් ඩි. එස්. පත්මාකුලසුරිය, හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර, කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරින් හා ආරක්ෂක අංශ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්වූහ.

කතරගම සංචාරක- කේ. ඩි. දේවප්‍රිය

ඡායාරූප - අගමැති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න