NSB බැංකුවේ නව සභාපති කේෂලා ජයවර්ධන | දිනමිණ

NSB බැංකුවේ නව සභාපති කේෂලා ජයවර්ධන

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නව සභාපතිනිය ලෙස පත් වූ කේෂලා ජයවර්ධන මහත්මිය අද (02) සිය ධූ‍ර යේ වැඩ බාරගැනීමට නියමිතය. කොළඹ 03, කොල්ලුපිටියේ පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මූලස්ථානයේදී වැඩ බාරගන්නා අතර ඇය මේ තනතුරට පත්වීමට ප්‍රථම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අවස්ථා දෙකකදීම සභාපති ධුරය දරමින් ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍ර දක්වා දියුණුවීමට එම බැංකුවේ ගනුදෙනුකරුවන්ට මඟ සැලසූ දක්ෂ සභාපතිනියක වූවාය.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න