පාසල් පළමු වාරය අද සිට | දිනමිණ

පාසල් පළමු වාරය අද සිට

සිතාරා සේනානි

සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (02) ආරම්භ වේ.  එසේම, 2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 84න් පාසල් 47 ක් පමණක් ස ම් පූ ර් ණ යෙ න් වසා දෙසැම්බර් 26 සිට මෙම ජනවාරි මස 04 දක්වා ඇගයීම් කටයුතු සිදුකරන බැවින් එම පාසල් පළමු වාරය සඳහා මේ මස 06 වැනි විවෘත කෙරේ.

කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කෙරෙන පාසල් 36ක්, පළමු පාසල් වාරය සඳහා අද (02) විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පළමු අදියරේ ඇගයීම්aකටයුතු හේතුවෙන් සම්පූර් ණ යෙ න් වසනු ලැබීම හේතුවෙන 06 වැනි සඳුදා විවෘත කෙරෙන පාසල් 47 මෙසේ ය.

කොළඹ අශෝක විද්‍යාලය, හෝමාගම ම.ම.වි, කළුතර ඥානෝදය ම.වි, ගම්පහ සි ද් ධා ර් ථ කුමාර ම. වි, මීගමුව ශාන්ත පීතර ම.ම.වි, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල සු ධ ර් මා විද්‍යාලය, මාතර පඹුරණ සාරිපුත්ත විද්‍යාලය, හම්බන්තො ශාන්ත මේරි ජාතික පාසල, තංගල්ල රාහුල ම.වි, තංගල්ල පිරිමි ජාතික පාසල, තංගල්ල බාලිකා ම.වි, රත්නපුර මිහිඳු විද්‍යාලය, කෑගල්ල කෑගලු බාලිකා විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝසප් බා.ම.වි, කුරුණෑගල මලියදේව ආදර්ශ ම.වි, කුරුණෑගල සර් ජෝන් කොතලාවල ම.වි, කුරුණෑගල ශ්‍රී නිශ්ශංක ම.වි, කුරුණෑගල ශුද්ධවූ පවුලේ බා.ම.වි, කුලියාපිටිය සාරානාත් ම.වි, නිකවැරටිය මහසෙන් ජාතික පාසල, මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල ම.වි, මහනුවර මහානාම ම.වි, මහනුවර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, පේරාදෙණිය සරසවි උයන ම.වි, ගම්පොළ වික්‍රමබාහු ම.වි, මාතලේ විජය ජාතික පාසල, මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසල, නුවරඑළිය උසස් බාලිකා විද්‍යාලය, හැටන් ශාන්ත ජෝන් බොස්කෝ ම.වි, හැටන් හයිලන්ඩි විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ම.වි, අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර ම.වි, පොලොන්නරුව තෝපාවැව ම.වි, බණ්ඩාරවෙල කුඩා කුසුම් බා.ම.වි, බදුල්ල විශාඛා උසස් බාලිකා විද්‍යාලය, බදුල්ල විහාර මහාදේවි බා.වි, මහියංගණය ජාතික පාසල, වැලිමඩ මධ්‍ය විද්‍යාලය, මොණරාගල රාජකීය ජාතික පාසල, ත්‍රිකුණාමලය ඕරිස්හිල් විවේකානන්ද විද්‍යාලය, මඩකළපුව ශාන්ත සිසිලියා බා.වි, මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලය, අක්කරෙයිපත්තුව මොනව්වරා කණිෂ්ඨ විද්‍යෘලය, කිලිනොච්චිය ම.වි. සහ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය යන පාසල් වේ. මීට අමතරව කොළඹ හින්දු විද්‍යාලය කොටසක් පමණක් වසා පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා යොදා ගත්ත ද ඇගයීම් පරීක්ෂකවරුන්ට නවාතැන් පහසුකම් ලබා දීමට සිදුවීම හේතුවෙන් එම පාසල ද ලබන සඳුදා (6) දින විවෘත කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා දැනුම් දෙයි.

පාසලේ කොටසක් වසා 1 අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යන සහ නියමිත පරිදි අද (2) දින ආරම්භ වන පාසල් 36 මෙසේ ය.

කොළඹ ත ර් ස් ට න් විද්‍යාලය, මහරගම බුවනෙකබා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, අවිස්සාවේල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය, පාණදුර බාලිකා මහා විද්‍යාලය, හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, මුදුන්ගොඩ කැප්පෙටිපොළ ම.වි, නිට්ටඹුව සංඝබෝධි ම.වි, මාතර කොටුව ජනාධිපති විද්‍යාලය, මාතර ශාන්ත ස ර් වේ ස ස් මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධ ර් මා ශෝ ක විද්‍යාලය, ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය, අකුරැස්ස ගොඩපිටිය මධ්‍ය විද්‍යාලය, රත්නපුර සීයවලී මධ්‍ය මහා විද්‍යාලය, පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය, බලන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති ම. ම. වි, ඇඹිලිපටිය ජනාධිපති ම.ම.වි, පුත්තලම ශාන්ත ඇන්ඩෘෘ ම. ම.වි, කුරුණෑගල ශාන්ත ආනා මහා විද්‍යාලය, හලාවත ආනන්ද ජාතික පාසල, මහනුවර සීතාදේවි බිලිකා විද්‍යාලය, මහනුවර බද්උද්දීන් මහමුද් බාලිකා විද්‍යාලය, තෙල්දෙණිය මධ්‍ය විද්‍යාලය, දඹුල්ල වීර මොහාන් ජයමහ ම.වි, කැකිරාව මධ්‍ය විද්‍යාලය, වැල්ලවාය මල්වත්තාවල ම.ම.වි, අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසල, කල්මුණේ වෙස්ලි ම.වි, කල්මුණේ මහමුද් බඉාලිකා විද්‍යාලය, වව්නියාව දෙමළ ම.වි, මන්නාරම ශාන්ත සේවියර් පිරිමි ව.වි, යාපනය හින්දු විද්‍යාලය, යාපනය හින්දු බාලිකා විද්‍යාලය සහ නෙල්ලිඅඩි ම.ම.විද්‍යාලය.

නව අදහස දක්වන්න