මාලදිවයින් ජනපති නිවාඩුවකට ශ්‍රී ලංකාවට | දිනමිණ

මාලදිවයින් ජනපති නිවාඩුවකට ශ්‍රී ලංකාවට

මහින්ද අලුත්ගෙදර

වසර අවසාන නිවාඩුව ගත කිරීම සඳහා මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොලියා මහතා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ. ඒ අනුව මාලදිවයින් ජනාධිපතිවරයා සිවුදින සංචාරයක්  සඳහා ඊයේ (31) ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ මහතා මේ මස 3 දා තෙක් මෙරට රැදී සිටින බව මාලදිවයින් ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

තම නිවාඩුව ගතකිරීම සඳහා අසල්වැසි රටක් වන ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙන අතර 2018 වසරේ නොවැම්බර් මාසයේ ජනාධීපතිවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව ඉබ්‍රහිම් මොහොමඩ් සොලියා මහතා 2019 වසරේ ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් විශේෂ ආරාධිතයෙකු වශයෙන් සහභාගි විය.

මෙම ශ්‍රී ලංකා සංචාරයේ දී මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොලියා මහතා මෙරට වෙසෙන මාලදිවයින් ජනතාව හමුවීමට නියමිතව තිබෙන අතර එහිදී ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද මාලදිවයින් ජනාධිපති කාර්යාලය පවසයි.

 

 

නව අදහස දක්වන්න