හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් ඉටුකළ පළමු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ‍වන අතර ශ්‍රී ලංකාවේ අවසන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා ය.

1960 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහකාර කොමසාරිස්වරයකු ලෙස බැඳුණු එතුමන් 1983 වසරේ සිට 1991 වසර දක්වා පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේ ය.

එතුමාගේ සේවා කාලයේ දී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන රැසක වාස්තු විද්‍යා සංරක්ෂණ කටයුතු සිදු කෙරුණි. ඒ අතුරින් අභයගිරි දාගැබ, ජේතවන දාගැබ සංරක්ෂණ ව්‍යාපෘති මෙරට සුවිශාලතම සංරක්ෂණ ව්‍යාපෘති වෙති. මීට අමතරව සෝමාවතිය, කතරගම, කිරිවෙහෙර, යටාල වෙහෙර, දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව, මාළිගාවිල බුදු පිළිමය ආදී ස්ථානයන්හි සංරක්ෂණ ද කැපී පෙනේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්ට හිමි වැටුප පවා නොලබා කටයුතු කළ එතුමන් ලංකාවේ බොහෝ පුරාවිද්‍යා ස්ථාන වෙත දිවා රෑ නොබලා ඇවිද ගොස් ක්ෂේත්‍ර කටයුතු ඉටු කළ කාර්යශූර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකි.

අවමංගල්‍ය කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

මැද‍ෙකාළඹ සමූහ -

ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න