අනුර කුමාර අද රටේ නීතිය ගැන කතා කිරීම විහිළුවක් | දිනමිණ

අනුර කුමාර අද රටේ නීතිය ගැන කතා කිරීම විහිළුවක්

රාජ්‍ය ඇමැති කංචන විජේසේකර

අරලියගහ මන්දිරයේ එක මේසයේ සිට පාඨලීලා රාජිතලා එක්ක අපේ අය අත්අඩංගුවට ගන්න තීන්දු ගත් අනුර කුමාර අද රටේ නීතිය ගැන කතා කිරීම විහිළුවක් බවත්, අත්අඩංගුවට ගැනීමට සිටින්නේ දේශීය හොරු නොව ලෝක හොරු බවත් තේ කර්මාන්ත රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සහාය වූ ජනතාවට ස්තූතිය පළ කිරීමට පිටබැද්දර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා ‍මෙසේ ද කීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර මහත්තයා දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවා. තිබුණු තත්ත්වය සියයට තුනට අඩු කර ගත්තා. මට ඇහුණා ඔහු කියනවා රාජිත සේනාරත්ත ඕනනං අරලියගහ මන්දිරයෙන් තමයි හොයාගන්න ඕන කියලා. අනුර කුමාර මහත්තයා අරලියගහ මන්දිරය ගැන හොඳට දන්නවා. ඔහු පසුගිය අවුරුදු හතර හමාරෙම දවස් පතා හිටියේ අරලියගහ මන්දිරය ඇතුළේ. ඒ නිසා ඔහු දන්නවා එතැනට ආ ගිය අය ගැන.

ජනතාවට අවශ්‍ය වුණේ රට එක්සේසත් කරන්න පුළුවන්, රට එකම නීතියක තියන, රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්, ත්‍රස්තවාදීන්ගෙන්, පාතාලයෙන්, බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් විනයගරුක සමාජයක් හදන නායකයෙක් පත් කර ගන්න. ඒක දැන් සිදු වෙලා තිබෙනවා.‍ෙ

ප්‍රවෘත්තිවල දැකල තිබෛනවාද පාතාලය කොහේ හරි වෙඩි තියලා කියලා. කවුරු හරි මංකොල්ල කාලා කියලා. දැන් එහෙම නෑ. පසුගිය සතියේ අපි දැක්කා චම්පික රණවක මහතා අත්අඩංගුවට ගන්නවා. අපි ද චම්පික මහතා අත්අඩංගුවට ගන්නේ. උසාවියේ ඉන්න විනිශ්චයකාරවරුන් කියන්නෙත්, පරීක්ෂණ කරන නිලධාරි කියන්නෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් පත් කළ නිලධාරීන්.

රාජිත මහතා ඉන්නේ දැඩි අසනීපෙන්ලු. ඒක නිසා උසාවියට යන්න බැරිලු. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඉතා ඉක්මණින් සුවය ලැබී මැගසින් බණ්ධනාගාරයට හෝ වැලිකඩට යන්න හැකියාව ලැබේවා කියලා.

හිටපු දකුණු පළාත් සභා ඇමැති වීරසුමන වීරසිංහ මහතා ද මෙහි දී අදහස් දැක්වීය.

පළාත් පාලන ආයතන සභිකයන් ඇතුළු පාක්ෂිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි

ඡායාරූපය - ගන්දර සමූහ

නව අදහස දක්වන්න