ශවේන්ද්‍ර සිල්වා නව ධුරයේ වැඩ භාර ගනී | දිනමිණ

ශවේන්ද්‍ර සිල්වා නව ධුරයේ වැඩ භාර ගනී

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(02) පෙරවරුවේ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ  වැඩ භාර ගත්තේය.
 
ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදි ය. නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණ. අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඡායනා කර නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට ආශිර්වාද පළ කළේය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදුකර තිබේ.
 
සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අගෝස්තු මස 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් ජෙනරාල් එල්.එච්.එස්.සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී. ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. වීඑස්වී. යූඑස්පී. එන්ඩීසී. පීඑස්සී. ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කරනු ලැබීය.
 
ලුතිනන් ජෙනරාල් එල්.එච්.එස්.සී. සිල්වා වඩාත් ප්‍රසිද්ධ වූයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලෙසය. 

නව අදහස දක්වන්න