වාහන බලපත්‍ර වෛද්‍ය සහතික ඉදිරියේ දී රජයේ රෝහල්වලින් | දිනමිණ

වාහන බලපත්‍ර වෛද්‍ය සහතික ඉදිරියේ දී රජයේ රෝහල්වලින්

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී සහ අලුත් කිරීමේ දී සැහැල්ලු වාහන බලපත්‍ර සඳහා අවශ්‍ය වන වෛද්‍ය සහතිකය ඉදිරියේ දී රජයේ රෝහල්වලින් ලබාගැනීමේ අවස්ථාව සැලසීමට, නියමිතය.
 
එම වෛද්‍ය සහතික දැනට නිකුත් කෙරෙන්නේ, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ආයතනයෙන් පමණි. එහි පවතින දැඩි තදබදය අවම කිරීම සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නව සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
 
ඒ අනූව, බර වාහන බලපත්‍ර සඳහා වූ වෛද්‍ය සහිතක හැර, අනෙකුත් සියලුම් සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය සහතික ඉදිරි සති කිහිපයෙන් පසු රජයේ රෝහල් මගින් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

නව අදහස දක්වන්න