CINEC Open Day ජනවාරි 11දා | දිනමිණ

CINEC Open Day ජනවාරි 11දා

දිවයිනේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන මාලබේ CINEC Campus විවෘත වන දිනය ජනවාරි 11වැනිදා (සෙනසුරාදා) උදෑසන 9 සිට මාලබේ CINEC Campus පරිශ්‍රයේදී පැවැත්වේ. උසස් පෙළ නිම කළ සිසු සිසුවියන්ට CINEC ආයතනය පිරිනමන උසස් අධ්‍යාපන අවස්ථා, ආයතනය සතු පහසුකම් හා අධ්‍යාපනයට සුදුසු වාතාවරණය පිළිබඳ අවබෝධයක් මෙහිදී ලැබිය හැකිය. විවෘත දිනයට සහභාගි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපනික අභිලාෂයන් සපුරා ගැනීම සඳහා ආරම්භයක් ලබා ගැනීමට හැකි අතර සුවිශේෂ වට්ටම් සමගින් පාඨමාලා සඳහා ලියාපදිංචි ද විය හැකිය. උසස් පෙළ ඉහළ දස්කම් පෙන්වූ සිසුන්ට 75% දක්වා ශිෂ්‍යත්වද පිරිනැමේ.

‘ලෝකයේ ඕනෑම තැනක සාර්ථක වෘත්තීය ගමන් මඟක් සකස් කර ගැනීමට හැකි වන පරිදි අපගේ තරුණ තරුණියන්ගේ නිපුණතා සැපිරීම අපගේ අරමුණයි. සිසුන්ට දැනුම ලබාදීමට අමතරව මෘදු නිපුණතාවලින් පරිපූර්ණ වූ පිරිසක් බිහි කිරීම අපගේ පාඨමාලාවල සුවිශේෂත්වයයි. තමන් තෝරා ගත් ක්ෂේත්‍රයෙන් පෙරටම යෑමට උනන්දුවෙන් සිටින තරුණ තරුණියන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙවරත් බඳවා ගැනීමට අපි බලාපොරොත්තු වනවා.” CINEC කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස් මහතා පැවසීය. CINEC Campus හි සියලුම සමුද්‍රීය හා නාවික ඉංජිනේරු, ගුවන් යානා නඩත්තු, ලොජිස්ටික්ස්, කළමනාකරණය, ඉංග්‍රීසි, නීතිය, සංචාරක සහ සත්කාර සේවා, මානව සම්පත්, අධ්‍යාපන, විද්‍යා, ගණිත හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි පාඨමාලා 195කට පමණ වාර්ෂිකව 20,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වේ. ආසියා පැසිෆික් කාලාපයේ ඇති නවීන පහසුකම්වලින් සමන්විත ඉගෙනුම් ආයතනවලින් එකක් ලෙස CINCE Campus සැලකෙන අතර අංග සම්පූර්ණ නවීන පන්ති කාමර, විද්‍යාගාර තාක්ෂණික වැඩමුළු ස්ථාන, අති නවීන සිමියුලේටර්, නේවාසික පහසුකම්, ආපනශාලා, පිහිනුම් තටාක, ක්‍රීඩාගාර සහ අනකුත් සියල පහසුකම්වලින් CINEC Campus පරිපූර්ණය.

 

නව අදහස දක්වන්න