10වැනි සංවත්සරය සමරන චින්ට් කාර්යක්ෂම බලශක්තියෙන් ශ්‍රී ලංකාව බල ගන්වයි | දිනමිණ

10වැනි සංවත්සරය සමරන චින්ට් කාර්යක්ෂම බලශක්තියෙන් ශ්‍රී ලංකාව බල ගන්වයි

ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුමෙහි දස වැනි සංවත්සරය සමරන චින්ට් සමාගම පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී විශේෂ උත්සවයක් පවත්වමින් එම අවස්ථාව සනිටුහන් කරනු ලැබීය. චින්ට් ඉලෙක්ට්‍රික් සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් හා චින්ට් ශ්‍රී ලංකා බෙදා හරින්නා වන, චින්ට් එනර්ජි කම්පැනි ලිමිටඩ් එක්ව සංවිධානය කළ මේ උත්සවය, චින්ට් එනර්ජි හි සභාපති ෆහාම් නෝමන්, වින්ට් එන්ර්ජි කළමනාකාර අධ්‍යක්ෂ, කාමිල් හුසේන්, චින්ට් ඉලේක්ට්‍රොනික් සොලියුෂන් හි සභාපති ජුන් හු, ෂීජියෑන්ග් චින්ට් ඉලෙක්ට්‍රික්ස් කම්පැනි ලිමිටඩ් හි ආසියා පැසිෆික් අලෙවි අධ්‍යක්ෂ ටෙරන්ස් ඩින්ග්, ෂීජියෑන්ග් චින්ට් හි ආසියා පැසිෆික් අලෙවි කළමණාකාර මරිසා ෂියා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් හා චින්ට් හි දීප ව්‍යාප්ත නියෝජිතයන් සහ බල ශක්ති ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

රටේ මෑතක සිදු වුණු දේශපාලනමය වෙනස්කම් සමගින්, දිවයිනෙහි බල ශක්ති ඉල්ලුම ඉහළ යන සුබවාදී වර්ධනයක් කරා ගමන් කරවීමේ රජය සතු හැකියාව චින්ට් සමාගම විශ්වාස කරයි. “ලෝකය බල ගන්වන්න” යන චින්ට් සමාගමේ තේමා පාඨය සමගින්, ස්වකීය නූතන ක්‍රමවේද, අවකාශ, උපාංග හා සැලසුම් ප්‍රයෝජනයට ගනිමින්, නවීනතම බල ශක්ති විසඳුම් හඳුන්වා දී ශ්‍රී ලංකාව බල ගැන්වීමට චින්ට් සමාගම බලාපොරොත්තු වෙයි. 1984 පිහිටුවන ලද චින්ට් සමාගම මේ වන විට, වේගවත් වර්ධනයක් ලබා ගනිමින් රටවල් 140කට වැඩි ප්‍රමාණයක, 30,000 කට අධික සේවක පිරිසකට රැකියා සපයමින් සුවිශේෂී ගෝලීය සලකුණක් සටහන් කර තිබේ. අමරිකානු ඩොලර් බිලියන 10.5ක වාර්ෂික අලෙවියක් සහිත චින්ට් සමාගම, ලැයිස්තුගත හොඳම ආසියානු සමාගම් පනහ අතරටත්, හොඳම චීන පුද්ගලික සමාගම් සියය අතරටත් ඇතුළත් වී තිබේ.

 

 

නව අදහස දක්වන්න