ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය 2020 සැසියට ප්‍රමුඛ සමාගම් සමඟ අවබෝධතා ගිවිසුම් | දිනමිණ

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය 2020 සැසියට ප්‍රමුඛ සමාගම් සමඟ අවබෝධතා ගිවිසුම්

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 38වැනි වාර්ෂික සැසිය 2020 පෙබරවාරි 19 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. විශේෂාංග මාලාවකින් යුත් මේ උත්සවයෙහි ප්‍රමූඛතම අංගය වන්නේ “The Art of Architecture – Space for All” තේමාව යටතේ නම් කර ඇති “Architect 2020” වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ සහ වෙළෙඳ ප්‍රදර්ශනයයි.

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය සහ 2019-2020 වාර්ෂික සැසිය සඳහා අනුග්‍රාහකයන් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය පසුගිය 18 වැනිදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේ දී පවත්වන ලදි.

“Architect 2020" ප්‍රදර්ශනය එයටම අනන්‍ය වූ වෙබ් අඩවියක් හරහා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන් හා ව්‍යාපාරික ප්‍රජාව අතර ඔවුන්ගේ සාඩම්බර නිපැයුම් හා සේවා පිළිබඳ අන්‍යෝන්‍ය වශයෙන් විද්යුත් සංවාදයකට මඟ විවර කර දෙනු ඇත. ශ්‍රී ලාංකික වාස්තු විද්‍යාඥයන්ගේ ප්‍රදර්ශනය 2020 පෙබරවාරි මස පැවත්වීමට නියමිතය. “Architect 2020" ප්‍රදර්ශනය මෙවර සාම්ප්‍රදායික ක්‍රමයෙන් මදක් ඔබ්බට යමින් යථාර්ථ විද්යුත් ප්‍රදර්ශන ක්‍රමය යටතේ පරිශීලනයට අවස්ථාව උදාකර දී තිබේ. එමගින් වෙළෙඳ කුටි 275කටත් අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය කරන ලද සේවා ද්‍රව්‍ය සහ සියලු නිපැයුම්වල තොරතුරු මෙන්ම 130කට වැඩි සංඛ්‍යාවක වාස්තු විද්‍යාඥයන්ගේ පුවරු ගවේෂණය කිරීමට, සංසන්දනය කිරීමට හා විශ්ලේෂණය කිරීමට පරිශීලකයන්ට හැකි වනු ඇත.

 

නව අදහස දක්වන්න