අපි ඕනෑ වේලාවක ඡන්දයට සූදානම් | දිනමිණ


 

අපි ඕනෑ වේලාවක ඡන්දයට සූදානම්

විජයානි එදිරිසිංහ
නුවන් කොඩිකාර

පොහොට්ටුව මැතිවරණ ප්‍රියකරන පක්ෂයක් බවත් මෙවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයෙහි කවුරුන් නායකයා බවට පත්වුවත් ඔවුන් විශාල පරාජයක් ලබන බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන ඇමැති ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි

ඇමැතිවරයා මේ බව පැවසූයේ පසුගියදා කුරුණෑගල පැවති උත්සවයක දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ මෑත ඉතිහාසයේ සජිත් ප්‍රේමදාස මහතා තරම් දුරදක්නා නුවණින් තොර නායකයෙක් පහළ වී නොමැති බවයි.

ජනාධිපතිවරණය අවසන් වූ විගස මහ මැතිවරණයට යන්න තිබුණා. ඔවුන්ට තියෙන ප්‍ර‍ශ්න ඔවුන්ට විසඳගන්න බැහැ. ඒ වගේම ඔවුන් දන්නවා කොයිවෙලේ මැතිවරණය තිබුණත් ඔවුන් පරදිනවා කියලා. පළාත් සභා මැතිවරණය තිබ්බේ නැහැනේ. ඔවුන් දුන්නේ නැහැ ඒ මැතිවරණය. ඊට ඉස්සෙල්ලා මොකද්ද කෙරුවේ ප්‍රාදේශීය සභා ඡන්දෙ. ඒක දුන්නේ නැහැ. කල්මැරුවා. ඒකනේ වුණේ. අන්තිමට ඡන්දය කල් අරගෙන ඔවුන් හිතුවේ මේකෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා.

අන්තිමට මොකද්ද වුණේ සම්පූර්ණයෙන් ම විනාශ වුණා. එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටමේ තිබුණ පක්ෂ යාන්ත්‍ර‍ණය සම්පූර්ණයෙන් ම පොහොට්ටුවේ අතට ආව. ඊළඟට පළාත් සභා තිබ්බේ නැහැ. දැන් මහ මැතිවරණයට මොකද්ද කළ යුත්තේ. ඔවුන් කියනවා අපි ඕන සහයෝගයක් දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මම දැක්කා තුනෙන් දෙකේ නෙවෙයි සියලුම ඒවා දෙනවලු මේවා අනුමත කරගන්න. ඉතින් මහ මැතිවරණයට දැන්ම සහයෝගය දෙන්නකෝ.

ප්‍රේමදාස මහත්තයා ඇතුළු කණ්ඩායමට ආත්ම ශක්තියක්, කොන්දක් තියෙනවා නම්. දීලා යමුකෝ ඡන්දයට. ඇයි මේ. ඔවුන් දන්නවා ඔවුන් පරදිනවා කියලා. ඒ හින්දා ඔවුන්ට වැඩ පිළිවෙළක් නැහැ. ඔවුන් කුලල් කාගෙන පක්ෂය ඇතුළේ. ඔවුන් විපක්ෂ නායකත්වයට ප්‍ර‍ශ්න ඇති කරගෙන. පක්ෂ නායකත්වයට ප්‍ර‍ශ්න ඇති කරගෙන. දෙකට තුනට හතරට පහට කැඩිලා ඉවරයි එක්සත් ජාතික පක්ෂය. මැතිවරණ වලට කැමති පක්ෂයක් තමයි පොහොට්ටුව. ඒ නිසා අපි ඕන වෙලාවක මැතිවරණයකට කැමතියි.

සජිත් ප්‍රේමදාස මහතා තරම් දුර පේන්නේ නැති දේශපාලඥයෙක් එක්සත් ජාතික පක්ෂයට මෑත ඉතිහාසයේ නම් බිහිවෙලා නැහැ. එතුමා මේ ජනාධිපතිවරණයෙන් පැරදිලා. කවුරු අගමැති වුණත්, කවුරු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණත් මේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ශුද්ධ පරාජයක් ලබනවා.

නව අදහස දක්වන්න