පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට ස්ථාන මාරු | දිනමිණ

පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම් සිදුකර ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරුන් 3දෙනෙකු ස්ථාන මාරුවීම් ලබා දී ඇති පොලිස් නිලධාරීන් අතර වේ.

ඊට අමතරව සහකාර පොලිස් අධිකාරිවරුන් 7 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 7 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 18 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

 

නව අදහස දක්වන්න