අභිෂේක්ගේ දක්ෂ පන්දු යැවීමෙන් ත්‍රිත්ව විදුහලට ජය | දිනමිණ

අභිෂේක්ගේ දක්ෂ පන්දු යැවීමෙන් ත්‍රිත්ව විදුහලට ජය

19න් පහළ පාසල් ක්‍රිකට්

අභිෂේක් ආනන්දකුමාර්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 68ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ සමත් වුහ.

අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශේන් ගුණතිලක සහ උමාර් රිසාන් වාර්තා කළ ශතක හේතුවෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ත්‍රිත්ව විදුහල පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 281ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලුම්බිණි විදුහලට පළමු ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 108ක් පමණි.

ලකුණු 173ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු ලුම්බිණි විදුහල ලකුණු 105කට දැවී ගියේ ත්‍රිත්වයට ඉනිමක සහ ලකුණු 68ක ජයක් අත්කර දෙමිනි.

ශේන් ගුණතිලක ලකුණු 111ක් සහ උමාර් රිසාන් ලකුණු 103ක් ත්‍රිත්ව ඉනිමට එක්කළ අතර ලුම්බිණි ඉනිම වැනසූ අභිෂේක් ආනන්දකුමාර් පළමු ඉනිමේදී කඩුලු 6ක් දවාගත් අතර දෙවැනි ඉනිමේදී කඩුලු 8ක් බිඳ දැමීය.

ත්‍රිත්ව පළමු ඉනිම - 281/5 (ඕවර 62) ශේන් ගුණතිලක 111, උමාර් රිසාන් 103 (රවිඳු රශ්මික 48/3)

ලුම්බිණි පළමු ඉනිම - 108 (ඕවර 45.2) සොහාන් ඩිල්ෂාන් 34 (අභිෂේක් ආනන්දකුමාර් 39/6) සහ දෙවැනි ඉනිම - 105 (ඕවර 24.5) (අභිෂේක් ආනන්දකුමාර් 54/8, රුවින් පීරිස් 27/2)

රිච්මන්ඩ් පළමු ඉනිම ජයගනී

ගාල්ල රිච්මන්ඩ් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර පළමු කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර පළමු ඉනිමේ ජය රිච්මන්ඩ් විදුහල සතුවිය.

හම්බන්තොට පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ධර්මාශෝක පළමු ඉනිම ලකුණු 96කට සීමාකළ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පළඹු ඉනිම සඳහා ලකුණු 168ක් රැස් කිරීමට සමත් විය.

ධර්මාශෝක පළමු ඉනිම - 96 (ඕවර 42.2) ලොහාන් ද සොයිසා 46 (කවිඳු නිර්මාණ 34/5, කල්ප නෙත්සර 17/3, සඳුන් මෙන්ඩිස් 17/2) සහ දෙවැනි ඉනිම - 174 (ඕවර 58.2) ලොහාන් ද සොයිසා 62 (සුගීත් නිම්නාද 33/4, කවිඳු නිර්මාණ 43/3, සඳුන් මෙන්ඩිස් 50/2)

රිච්මන්ඩ් පළමු ඉනිම - 168 (ඕවර 62) සඳුන් මෙන්ඩිස් 84 (ඒ.එම්.රශ්මික 38/5, නවීන් රසාංග 52/3) සහ දෙවැනි ඉනිම - 82/5 (ඕවර 13) (ලොහාන් ද සොයිසා 19/2, ඒ.එම්.රශ්මික 26/2)

නිරෝෂාන් ප්‍රියංකර

 

නව අදහස දක්වන්න