අනවසර දැව පැටවූ කැබ්රිය අනතුරේ | දිනමිණ

අනවසර දැව පැටවූ කැබ්රිය අනතුරේ

අනවසර දැව පටවා ගත් කැබ් රථයක් අධික වේගයෙන් ධාවනය කරවීම නිසා එම රථය වවුනියාව යාපනය ඒ-9 මාර්ගයේ කල්ලිකුලම හන්දිය අසල දී ඊයේ (5දා) දහවල් අනතුරට පත්ව තිබේ.

වාහනය අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටීම නිසා පළාතට විදුලිය සපයන රැහැන්වලට හානි සිදුවීමෙන් විදුලි බල මණ්ඩලයට පළාතේ විදුලිය විසන්ධි කිරීමට ද සිදුව තිබේ. මේ අනතුර හේතුවෙන් විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුව ඇති අතර, වාහනයට ද දැඩි අලාභ හානි සිදුව තිබේ. කැබ් රථය අනතුරට ලක්ව ඇත්තේ ඕමන්ත කැලයේ සිට අනවසර දැව තොගයක් පටවා ගෙන ඒවා වවුනියාව දෙසට ප්‍රවාහනය කරමින් තිබියදීය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

උතුරු පළාත් විශේෂ

නව අදහස දක්වන්න