EDB නව සභා­පති අප­න­ය­න­ක­රුවෝ හමු­වෙති | දිනමිණ

EDB නව සභා­පති අප­න­ය­න­ක­රුවෝ හමු­වෙති

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ප්‍රභාෂ් සුබසිංහ මහතා සහ දිවයිනේ ප්‍ර‍මුඛ අපනයනකරුවන් අතර හමුවක් අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී පසුගිය දා පැවැත්වීය. රටේ ප්‍රධාන අපනයන අංශ ආවරණය වන ලෙස අපනයනකරුවන් විසිපස් දෙනකු මේ රැස්වීමට සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වය පිළිබඳ ආරම්භයේදීම සභාපතිවරයා අපනයනකරුවන්ට ස්තූතිය පුද කළ අතර, රටක් ලෙස අපනයන ක්ෂේත්‍රයේ‍ වැදගත්කම ද අවධාරණය කළේය.

අපනයන ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති සුබසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස පත් කිරීම අපනයනකරුවන්ගේ පැසසුමට ලක්විය. රටේ සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කිරීම ගැන ආඩම්බර වන ලෙස ඔහු අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. අපනයනකරුවන්ට ඉහළ අපනයන ඉලක්කයක් කරා ළඟාවීමට පහසුකම් සැලසීම අපනයන සංවර්ධන මණ්ඩලයෙහි ප්‍රමුඛ කාර්යභාරය බව සභාපතිවරයා මෙහි දී අවධාරණය කළ අතර, අපනයනකරුවන් මෙහිදී සඳහන් කළේ රටේ අපනයන වර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුකූලතාවක් අවශ්‍ය බවයි.

අපනයනකරුවන්හට නව වෙළෙඳපොළකට අවතීර්ණවීම සඳහා පහසුකම් සැපයීම අපනයන සංවර්ධන මණ්ඩලය සහාය වන්නේ කෙසේ දැයි ප්‍රභාෂ් සුබසිංහ මහතා අවධාරණය කළ අතර දැනට පවතින සීමිත අපනයන භාණ්ඩ ප්‍ර‍මාණය විවිධාංගීකරණය කර පුළුල් කිරීම සඳහා නව නිෂ්පාදන සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීම සඳහා පවත්නා සහ නව වෙළෙඳ ගිවිසුම් හරහා වෙළෙඳපොළ ප්‍රවේශය ද වැදගත් බව අපනයනකරුවන්ගේ අදහස විය. තව ද පර්යේෂණ හා සංවර්ධන කටයුතු, නිෂ්පාදන සඳහා නවෝත්පාදනයන්, වෙළෙඳ නාම ආරක්ෂණය, විශේෂයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා භූගෝලීය දර්ශක ආරක්ෂාව පුළුල් කිරීම, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඉඩම් ලබා ගැනීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය. අපනයනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ප්‍රධාන සාධක ලෙස වරාය කේන්ද්‍රීය මෙහෙයුම් කඩිනම් කිරීම ද සාකච්ඡාවේදී ඉස්මතු විය.

දියමන්ති කැපීම හා ඔප දැමීම සහ අනෙකුත් අපනයන කර්මාන්ත සඳහා පුහුණු ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව මෙන්ම ඉදිරි වසර කිහිපය තුළ අපනයන දෙගුණ කිරීමට උපායමාර්ගිකව මැදිහත්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ද මේ සාකච්ඡාවේ දී යෝජනා විය.

 

නව අදහස දක්වන්න