ගම්පහ බණ්ඩාරනායකයේ ආදි සිසුන්ගෙන් ආදර්ශවත් වැඩක් | දිනමිණ


 

ගම්පහ බණ්ඩාරනායකයේ ආදි සිසුන්ගෙන් ආදර්ශවත් වැඩක්

ආදි සිසුන්ගේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට එක්වූ ආරාධිත ආදි සිසුන්.

 

ශ්‍රී ලංකාවේ පළමුවරට පාසලක ආදි සිසුන් එක්වූ නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කළේය. පාසලින් නික්ම ගොස් වසර ගණනාවකට පසුව තමා අධ්‍යාපනය ලැබූ පාසලේ එදා දැක්වූ ජවන හා පිටිය ක්‍රීඩා දස්කම් වත්මන් සිසුන් හමුවේ නැවතත් පෙන්වීමට ගත් අවස්ථාවක් ලෙස එය සටහන් විය.

‘ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුන්ට ක්‍රීඩාව යනු අලුත් දෙයක් නෙවෙයි. අපගේ ආදි ශිෂ්‍ය සංගමය පාසලේ දියුණුවට අත හිත දෙමින් කටයුතු කරන අතර මෙවැනි ක්‍රීඩා උළෙලක් පවත්වමින් ඉතිහාසයටත් එක්වුණා. එය අනාගත පුතුන්ට ආදර්ශයක්. ‘ ආදි සිසුන්ගේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට එක්වෙමින් ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති චම්පික ද සිල්වා මහතා පැවැසීය.

මැණික් සංස්ථාවේ වත්මන් අධ්‍යක්ෂ ආදි ශිෂ්‍ය දුලිප් සෙනෙවිරත්න, නාවික හමුදාවේ වයඹ ආඥාපති රියර් අද්මිරාල් ආදි ශිෂ්‍ය රුවන් පෙරේරා මහත්වරු ද මේ අවස්ථාවට එක්වෙමින් සිය අදහස් පළ කළහ.

 

ගම්පහ සංචාරක-නිමල් ජයසිංහ

නව අදහස දක්වන්න