දෑත-දෙපා වාරු නැති මවුපියන් අනුරපුර පින්බිම වන්දනාවේ... | දිනමිණ


 

දෑත-දෙපා වාරු නැති මවුපියන් අනුරපුර පින්බිම වන්දනාවේ...

වියපත්ව දෙපා වාරුව අහිමිව නිවසේ එක්තැන්ව සිටින මවුපියන් විශාල පිරිසකට මානසික සුවයක් ලබාදිමේ අරමුණින් රෝද පුටුවල ආධාරයෙන් අනුරාධපුර මහමෙවුනා පිංබිමේ පිහිටි ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ හා ස්වර්ණමාලි සෑරදුන් වහන්සේ අබියසට රැගෙනවිත් ආගමික වතාවත්වල නිරත කරවිමේ පිංකමක් මහවිලච්චිය මන්නාරම් හංදිය ශ්‍රී සාලියවනාරාමයේ විහාරාධිපති ලෝලුවාගොඩ කුසලරතන හිමි පාණන්ගේ අනුශාසනා පරිදි පසුගියදා සිදු කෙරුණි. උන්වහන්සේගේ සංකල්පයකට අනුව වියපත් මවුපියන් රෝද පුටුවල හිදුවා මුතුකුඩ යටින් වන්දනිය වු ජූජනිය ස්ථාන වෙත රැගෙන ආහ.කුඩා සාමණේර හිමිවරුන් මවුපියන් අසුන්ගෙන සිටි රෝද පුටුව තල්ලු කරමින් රැගෙන ඒම එහි පැමිණ සිටි කාගෙත් සිත්ගත් දසුනක් බවට පත්විය.

අනුරාධපුර මධ්‍යම විශේෂ - බී. එම්. විජේසූරිය

නව අදහස දක්වන්න