විදෙස් කතකට අතවර කළැයි සැරයන් දැලේ | දිනමිණ


 

විදෙස් කතකට අතවර කළැයි සැරයන් දැලේ

හික්කඩුව මුහුදේ නාමින් සිටි රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයකු හික්කඩුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දැනට පනාගොඩ හමුදා කඳවුරේ සේවය කරනු ලබන හතළිස් හැවිරිදි මාණ්ඩලික සැරයන්වරයෙකි. සැකකාර සැරයන්වරයා නිවාඩුවට බලපිටියේ මහ ගෙදරට පැමිණ පසුව හික්කඩුව මුහුදේ නෑමට ගොස් සිටියදී රුසියානු ජාතික කාන්තාවද මුහුදේ දිය නාමින් සිට ඇත. ටික වේලාවකදී සැකකරු දියයටින් පිහිනා ගොස් ඇයට ලිංගික අතවර කර ඇති අතර පසුව ඇය ඒ සම්බන්ධයෙන් හික්කුඩුව පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

දික්වැල්ලේ තිලකරත්න

ගාල්ල උතුර සමුහ

දකුණු පළාත් දියගහගේ

නව අදහස දක්වන්න