දෙහිඅත්තකණ්ඩියේ සිසු පිරිසකට නොමිලේ ගුවන් සවාරියක් | දිනමිණ


 

දෙහිඅත්තකණ්ඩියේ සිසු පිරිසකට නොමිලේ ගුවන් සවාරියක්

දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කලාපයේ පසුගිය 2019 වසරේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ සිසු දරු-දැරියන් පිරිසකට නොමිලේ ගුවන් සවාරියක් සදහා අවස්ථාව උදාකර දීම ඉකුත්දා දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල් ක්‍රීඩාංගණයේදි සිදු කෙරුණි. දරුදැරියන්ට මේ අවස්ථාව උදාකර දුන්නේ මාලින්ද ජන පවුර පදනමේ නිර්මාතෘ හා සකුරා ගුවන් සමාගමේ සභාපති රුක්ෂාන් මාලින්ද මහතාය. දෙහි අත්තකණ්ඩිය අධ්‍යාපන කලාපයේ පාසල් 46ක් නියෝජනය වන සේ දරුදැරියන් 500ක පමණ පිරිසකට මේ අවස්ථාව ලබාදි තිබුණි. මේ සදහා සකුරා ගුවන් සමාගමේ හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා දෙහිඅත්තකණ්ඩිය නගරය වටා ගුවනින් යමින් අවට නිරීක්ෂණය කිරීමටත් නවතම අත්දැකීම් රැසක්ම ලබා ගැනිමටත් බොහොමයක්ම දෙනාගේ සිහිනයක් කුඩා අවධියේදීම සඵල කර ගැනිමටත් ලැබුණු දුර්ලභ අවස්ථාව පිළිබද දරු දැරියෝ සතුටට පත්වූහ.දෙහිඅත්තකණ්ඩිය වැනි ගොවි ජනපදවල දරුවන්ට නැවුම් අත්දැකීමක් ලැබෙනවා මෙන්ම අනාගතයේදී ගුවන් නියමුවන් වීමේ ආශාව ඔවුන් තුළ ඇතිකිරීමත් මේ ප්‍රදේශයෙන් ගුවන් නියමුවන් බිහිකරලීමට අවස්ථාව උදාකරලීමත් ,කුඩා දරුදැරියන්ගේ සිත් සතන් ප්‍ර බෝධමත් කිරීමත් මේ ගුවන් සවාරි ප්‍රජා සේවාව මගින් අපේක්ෂා කරන බවත් රුක්ෂාන් මාලින්ද මහතා පැවැසීය.

ගිරාඳුරුකෝට්ටේ සමූහ

සෝමදාස සමර ගුණරත්න

නව අදහස දක්වන්න