කලා වැවේ සහ බළලු වැවේ ජපන් ජබර පිරිලා | දිනමිණ


 

කලා වැවේ සහ බළලු වැවේ ජපන් ජබර පිරිලා

අධික වර්ෂාවත් සමඟ කලා වැව සහ බළලු වැව ජපන් ජබර වලින් පිරී ඉතිරී යෑම හේතුවෙන් වන සතුන්ට ජනතාවට ධීවරයන්ට දැඩි අපහසුතා රැසක් මතුව වැව් දෙකම අනතුරකට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.

කලා වැවේ සහ බළලු වැවේ විශාල වශයෙන් මේ දිනවල ජපන් ජබර ව්‍යාප්ත වීම හේතුවෙන් ධීවර කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙන බව ඔවුහු පවසති.

එමෙන්ම මෙම ජපන් ජබර ව්‍යාප්තිය හේතුවෙන් කලා වැවේ නිතර සැරිසරමින් සිටි තුන්සියයකට අධික වන අලි රංචුව ද කලාවැවෙන් නික්ම ගොස් තිබෙන බවත් සතුන්ට හෝ අලින්ට හරකුන්ට ආහාර නොමැති වීමද ජපන් ජබර නිසා බරපතළ ප්‍රශ්නයක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

 

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න