හිඟුරක්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු මාස 10ක් රිමාන්ඩ් භාරයේ ඉඳලා සෙල්ලම් පිස්තෝලයක් ළඟ තබා ගත්තාට | දිනමිණ


 

හිඟුරක්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු මාස 10ක් රිමාන්ඩ් භාරයේ ඉඳලා සෙල්ලම් පිස්තෝලයක් ළඟ තබා ගත්තාට

දරු පවුල් දෙකක් අන්ත අසරණ අඩියකට වැටිලා

හිගුරක්ගොඩ පොලිසිය විසින් තමන් සතුව තිබු සෙල්ලම් පිස්තෝලය අත්අඩංගුවට ගෙන එය විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්‍රිය ගිනි අවියක් බව පවසා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඒ පිළිබද රජයේ රස පරික්ෂණ වර්තාව එනතුරු මාස 10ක් සිරගතව සිටිමට පුද්ගලයකුට සිදුවීමේ සිද්ධියක් පිළිබඳව හිඟුරක්ගොඩින් වාර්තාවේ.

අසාධාරණයට ලක් වූ මේ පුද්ගලයා හිගුරක්ගොඩ පිං පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෙසේ බන්ධනාගාර ගතව ඇත්තේ අංක 30/1 , යටියල්පාතාන දකුණ, පිංපාර , හිඟුරක්ගොඩ ලිපිනයේ පදිංචිව සිටින කේ. පි. ප්‍රසාද් කුමාර නම් (30) හැවිරිදි දෙදරු පියෙකි.

සෙල්ලම් පිස්තෝලය හේතුවෙන් වසරකට අාසන්න කාලයක් සිරගතව සිටි කේ. පි. ප්‍රසාද් කුමාර එම සිද්ධිය පිළිබඳ අප සමග මෙසේ පැවැසිය: මේ සෙල්ලම් පිස්තෝලය අත්අඩංගුව‍ෙ නිසා මාගේ රැකියාවත් මාගේ අයියාගේ රැකියාවත් අහිමි විම නිසා අපේ අඹු දරුවෝ අද දහදුක් විදිනවා. අපි පාතාලේ අය කියලා අයියාගේ රැකියාව ඒ ආයතනයේ අය අහිමි කළා මාගේ රැකියාව කොහොමත් නැති වුනා මං හිරේ ගියාට පස්සේ.

ගිය අවුරුද්දේ පෙබරවාරි 12 වෙනිදා එක පාරටම හිඟුරක්ගොඩ පොලිසියෙන් ගෙදරට පැනලා පිස්ටල් එකක් තියෙනවා ගනින් ඒක කිවා. මං කිව්වා එහෙම එකක් නෑ කියලා. පස්සේ මුළු ගෙදරම හොයලා අල්මාරියේ තිබුණ මේ සෙල්ලම් පිස්තොලය ගත්තා. එකත් අරගෙන මාවත් අරන් ගියා පොලිසියට. මං කිව්වා ඕක සෙල්ලම් පිස්තොා්ලයක් කියලා . පොලිසිය තඹේකට ගණන් ගත්තේ නැ. මං කිව්වා ඕක ගෙනාවේ දිවුලපිටියේ මාගේ අයියා ළඟ තිබිලා කියලා. අයියා එක එක වර්ගයේ අකෘති එකතු කරනවා. මං මේක දැකලා ලස්සන නිසා අරන් ආවා.පස්සේ මාව පෙබරවාරි 13 වෙනිදා හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරලා රදවා තබා ගැනිමේ අවසරයක් අරන් නැවැත මාව පොලිසියට ගෙනැල්ලා ප්‍රශ්න කරන්න ගත්තා. මං ඉතින් මොනවා කියන්න ද මං දන්නේ අයියා ළඟ තිබිලා ගෙනවා කියන්න විතරයි. නැවැත මාව අධිකරණයට ඉදිරිපත් කළා . එදා මාව හිරේ දැම්මා . මං හිටියේ පොළොන්නරුවේ හිර ගෙදර. එදා ඉදලා මාසයට දෙපාර ගානේ මාස නවයක් ගෙනාවා හිගුරක්ගොඩ උසාවියට ගෙනාවා . ඒ හැම වේලාවේම නඩුකාර තුමා පොලිසියෙන් අහන්නේ රස පරික්ෂන වර්තාව ආවාද කියලා. පොලිසියෙන් නෑ කිව්වාම ආපහු හිර ගෙදර. බැරිම නැත නිතිඥ මහත්තයෙක් අල්ලලා රජයේ රස පරික්ෂණ එකට දෙපාරක් සිහි කැදවලා ලිපි දැම්මා . ඒවට කිසිම පිළිතුරක් නැ. කොහොම හරි අවසානයේ 2019—11—27 දින හිගුරක්ගොඩ උසාවියෙන් මාව නිදහස් කලා නිදොස් කියලා.

මං නිතිඥ මහත්තයාගෙන් ඇහුවා ඇයි මාව නිදහස් කළේ කියලා . එතුමා කිව්වා එක සෙල්ලම් ප්‍රිස්තෝලයක් කියලා රස පරික්ෂණ වර්තාවේ එවලා තියෙනවා කියලා. ඒ වර්තාව එනකොට අයියාගේ රැකියාව නැ. ගමේ අය කුලියක්වත් දෙන්නේ නැති නිසා ඈත ගම්වලට ගිහින් කුලි වැඩ කරලා ළමයින්ට කන්න දිලා තියෙනවා. මං හිරේ යනකොට මාගේ පොඩි දුවට මාස 04යි. පුතාට අවුරුදු 05යි. පාතාලේ එකාගේ ගැණියි ළමයි දෙන්නයි කියලා නිතර ම ගමේ මිනිස්සු කියලා. දරුවන්ට කිරි , කන්න දෙන්න විදිහක් නැතුව පුදුම විදියට දුක් විදලා තියෙනවා. මාව බලන්න ළමයි දෙන්නත් එක්ක උසාවියටයි හිර ගෙදරටයි එන්න සල්ලි නැතුව පුදුම දුකක් විදලා තියෙන්නේ.

මේ සෙල්ලම් පිස්තෝලයක් නිසා මාගේ දරුවෝ අද බඩ ගින්නේ කන්න අදින්න දෙන්න විදියක් නැ. දන්න කෙනෙක් ආයතනයක රස්සාවක් දෙන්නේ නෑ. පිස්තෝලයක් ළඟ තියන් ඉදලා හිරේ ගිය පාතාලේ එකෙක් කියලා.

මටත් මාගේ අයියාටත් අද මේ තත්ත්වය උදා වුනේ අපේ රටේ පොලිසියේ වරදින් මින් ඉදිරියට මෙහෙම දෙවල් නොවෙන්න මේ දෙගොල්ල වග බලා ගන්න ඕනි.

මැදිරිගිරිය සමුහ--ඩබ් ඒ පියතිලක

 

නව අදහස දක්වන්න