අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී | දිනමිණ


 

අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී

අසේල කුරුළුවංශ

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු ඊයේ (6) මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහරස්ථානය වෙත ගොස් විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී දළදා මාලිගාවට ගිය අගමැතිවරයාව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, පිච්ච මල් වට්ටියක් දී පිළිගනු ලැබීමෙන් පසු දළදා සමිඳුන් වැඩසිටින කුටිය වෙත කැඳවා ගෙන යනු ලැබීය.

අනතුරුව බහිරවකන්ද ශ්‍රී මහ බෝධි විහාරස්ථානයට ගිය අගමැතිවරයා යටවත්තේ ධම්මානන්ද නාහිමියන් සමඟ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

රාජ්‍යය ඇමැතිවරුන් වන දිලුම් අමුණුගම,ලොහාන් රත්වත්තේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

 

නව අදහස දක්වන්න