ජනාධිපති මන්දිරයේ දී මහා සංඝරත්නය තුන්සිය නමක් විෂයෙහි දානමය පින්කමක් | දිනමිණ


 

ජනාධිපති මන්දිරයේ දී මහා සංඝරත්නය තුන්සිය නමක් විෂයෙහි දානමය පින්කමක්

රටට සහ සමස්ත ජනතාවට ආශිර්වාද පළ කරමින් මහා සංඝරත්නය තුන්සිය නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මය ජනාධිපති මන්දිරයේදී පසුගිය (5)දා දහවල් සිදු කෙරිණි.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නායක ස්වාමීන් වහන්සේගේ සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති දානමය පුණ්‍ය කර්මයට ත්‍රෛනිකායික මහානායක, අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.

අමරපුර මහා නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය වරාගොඩ පේමරතන සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, සෙළොස්මස්ථානාධිපති, අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක වෙඩරුවේ උපාලි යන ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවන් සිදු කළහ.

නව අදහස දක්වන්න