තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව පොහොට්ටුවට බලය ලබා දිය යුතුයි | දිනමිණ


 

තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව පොහොට්ටුවට බලය ලබා දිය යුතුයි

 රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා

රටේ යල්පැන ගිය නීති ඉවත්කර රටේ දියුණුවට අදාළ නව නීති පැනවීම සඳහා ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව පොදුජන පෙරමුණට බලය ලබා දිය යුතු යැයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා (31) ගාල්ලේ දී පැවසීය

ගාල්ල මහින්ද විද්‍යාලයේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍යවේදීන් අමතමින් ඇමැතිවරයා මේ බව කීවේය.

ඇමැතිවරයා මෙසේ ද කීය.

නොවැම්බර් 16 ඇතිවුණු පෙරළියත් සමඟ ජනතා බලාපොරොත්තු ඉටුකිරීම අපේ වගකීමක් වෙලා තිබෙනවා. නොවැම්බර් 16 කාරණා තුනක් උඩ නව ජනාධිපතිවරයෙක් පත්කළා.ඒ කාරණා තුන තමයි පළමු එක මේ රටේ සුරක්ෂිතභාවය මේ රටේ ආරක්ෂාව යහපාලන කාලයේ හැම කෙනකුටම රටේ අනාරක්ෂිත බවක් තිබුණා. මේ රටේ හිටපු හැම පුරවැසියෙක්ම 2019 මැයි 19 වැනිදා ප්‍රභාකරන්ගේ මරණයත් එක්ක ඉතාම විශ්වාසදායක ආරක්ෂක තත්ත්වයක් හැමගේ සිත් තුළ තිබුණ තමන් අනාරක්ෂිත නැහැ කියන එක.

නමුත් 2019 අප්‍රේල් 21 ඇතිවු සිද්ධියත් සමඟ රටේ සියලුම දෙනාගේ සිතේ අනාරක්ෂිත බවක් ඇතිවුණා නව ජනාධිපතිවරයෙක් පත් කළේ මේ කාරණය මුල්කරගෙන එනිසා එතුමාට ආරක්ෂාව සඳහා විශේෂයෙන්ම එතුමා ක්‍රියාත්මක කරන බුද්ධි අංශයේ වැඩපිළිවෙළ ඒ වගේම අනෙකුත් ආරක්ෂිත පිළිවෙත් අපිට හෙළි කරන්න බැරි ආරක්ෂිත පිළිවෙත් මේ සියල්ල එක්ක රටේ ආරක්ෂිත බවක් තියෙනව.

දෙවැනි කාරණය තමයි රටේ විනය, එදා මේ රටේ විනයක් තිබුනේ නැහැ. රටක් ආරාජික වුනාම පවත්වාගෙන යන්න බැහැ. දැන් රටේ විනයක් හැදීගෙන එනව ඔබට පේනව ඇති තරුණයන් තාප්පවල චිත්‍ර නිර්මානය කරන්නේ කවුරුවත් කියල නොවේ. රටේ නායකත්වය විනයකට අනුව ඉන්නවානම් සාමාන්‍යයෙන් පුරවැසියා විනයකට හුරු වෙනව. තරුණයන් තමන්ගේ අදහස් එළියට ඇවිල්ල මේ චිත්‍ර අදින්න පටන් ගත්තේ. දැන් කිසිම කෙනකුට තාප්පයක පෝස්ටර් අලවන්න බැහැ. තමන්ගේ හිතටම එනව තමන් වැරැද්දක් කරනව කියල.

ලැබු වා වු 2020 අවුරුද්ද සියලුම දේවලට හොඳ අඩිතාලමක් දමන අවුරුද්දක් වෙනවා. අපි දැන් කල්පනා කරල තියෙනව සියලුම දත්තයන් එක තැනකට ගන්න උදාහරණයක් ගතහොත් මගේ ජාතික හැඳුනුම්පත ටච් කළාම මගේ සියලුම විස්තර ලබා ගන්න පුළුවන්.පාස් පෝට් එකේ තියෙන දත්ත පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තිබෙන දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තොරතුරු මේ සියලු දේවල්වල දත්ත එක තැනකට එනව ලෝකයේ දියුණු රටවල දත්ත එකම තැනකින් ලබා ගන්න ක්‍රම වේදයක් තිබෙනව හැඳුනුම්පතේ අංකය ටච් කළාම සියලු විස්තර ලබාගන්න පුළුවන් මේ නිසා වියදම් අඩුවෙනවා.

අපි ජනතාවගෙන් ඉල්ලන්නේ තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවක් දෙන්න කියල. තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුවක් දුන්නොත් පැරණි අණ පනත් සියල්ලම අපි ඉවත් කරන්න කටයුතු කරනවා. රටේ අනාගතය සඳහා නව අණ පනත් ගේනව. අද මේ රටේ යල් පැන ගිය නීති තියෙනව. ඒ සියල්ල වෙනස් කරන්න ඕන. ඒ වගේම තීන්දු තීරණ ගත හැකි පාලනයක් ඇතිකරන්න ඕන. මේ සියලු දේ අපිට 2020 වර්ෂයේ දී කරන්න තියෙනව. 2020න් පසුව ආරම්භ වන වර්ෂ කිහිපය මේ රටේ ජනතාවට මෙතෙක් නොලැබුනු කාලයක් ඇතිවෙයි. රටේ සංවර්ධනයත් එක්කම රටේ දියුණුව සමහරුන් බඩු මිල ගැන කතා කරනව. ගිය වසරට සාපේක්ෂව මේ අවුරුද්දේ විශාල වර්ෂා පතනයක් ලැබුණා. ඒ නිසා නුවරඑළිය වගේ ප්‍රදේශවල එළවළු වගා කරන්න බැරිවුණා. ඉදිරි මාස කීපය තුළ අපිට ඊට මුහුණ දෙන්න පුළුවන් අවුරුද්ද වන විට ඒ සියලු ප්‍රශ්න විසදෙනවා. වැට් බද්ද අඩුවීම තුළ ජනතාවට භාණ්ඩවල මිල අඩුවීම හොඳටම බලපානව. අද වන විට ටයර් සමාගම්වලින් මිල අඩු කිරීම පිළිබඳව නිවේදන තම ඒජන්තවරුන්ට යවා තිබෙනවා.

දික්වැල්ලේ තිලකරත්න

ගාල්ල උතුර සමුහ

නව අදහස දක්වන්න