පස්සර බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළට | දිනමිණ


 

පස්සර බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළට

පස්සර, මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප‍්‍රදේශයේදී ඊයේ (06) පස්වරුවේ සිදුවූ අනතුරකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 12ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියි.

ලංකා ගමනාගමන මණ්ඩගයට අයත් මෙම බස් රථය පස්සර සිට මඩොල්සිම දක්වා ධාවනය වෙමින් තිබියදී 06යේ කණුව ප‍්‍රදේශයේදී අඩි 200ක පමණ ප‍්‍රපාතයකට පෙරලීමෙන් අනතුරකට ලක් වී ඇත.

තවත් වාහනයකට එම මාර්ගයේ ඉඩ ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස බස් රථය ප්‍රපාතයට පෙරලී ඇති බව සදහන් වෙයි තුවාල ලැබූවන් අතර පොලිස් නිළධාරීන් සිව් දෙනෙක් ද වෙයි.

මියගිය පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ බදුල්ල මහ රෝහලේදී අද (07) සිදු කිරීමට නියමිතයි.

මෙම අනතුර සම්බන්ධයෙන් පස්සර පොලිසිය සහ ලංකා ගමනාගමන මණ්ඩලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

නව අදහස දක්වන්න