තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ධූරය මහාචාර්ය දයන්ත විජේසේකරට | දිනමිණ


 

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ධූරය මහාචාර්ය දයන්ත විජේසේකරට

1970 වර්ෂයේදී රාජ්‍ය සේවයට එක්වූ මහාචාර්ය දයන්ත විජේසේකර මහතා නිපුණතා සංවර්ධන , රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් පත් කරන ලදී.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අපොස සා. පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඒ මහතා උසස් පෙළ සදහා ඉදිරිපත් නොවී කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපාධි 04 ක් ලබාගෙන ඇති අතර විකල්ප මාර්ගවලින් ඉහළ අධ්‍යාපන මට්ටම් ලඟා කර ගත හැකි බව පෙන්වා දී ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස වසර 06 ක් ද, විවෘත විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස වසර 09 ක් ද සේවය කර ඇති අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ විධායක ජනාධිපතිවරුන් සියලු දෙනාගේ ආශිර්වාදය ලබා ගැනීමට ඒ මහතාට හැකිවීම සුවිශේෂී කරුණක් ලෙස හැදින්විය හැකිය.

මේ අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් සරත් අබේගුණවර්ධන මහතාද සහභාගී විය.

නව අදහස දක්වන්න