විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් මැදිරියක් | දිනමිණ

විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් මැදිරියක්

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරිම සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථාන කදවුරේය. 
 
පැය 24 ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරිය ක‍්‍රියාත්මක බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා සදහන් කළේය.
 
සංවිධානාත්මක අපරාධ කන්ඩායම්, කප්පම්කරුවන්, නීතිවිරෝධී අවි භාවිත කරන්නන් , මත්ද්‍රව්‍ය , මත්පැන් ජාවාරම් සහ පාරිසරික වැරදි ඇතුලු සිද්ධීන් පිලිබදව මහජනතාවට තොරතුරු ලබාදීමට හැකියාව පවති. ඒ 0112-580518 සහ 0112-058552 දුරකථන අංකවලටය. 0112-588499 ෆැක්ස් අංකයට ද තොරතුරු ලබාදිය හැකි බව විශේෂ කාර්ය බලකාය පවසයි.
 
තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාව හෙළිනොකෙරේ. මෙහෙයුම් මැදිරියට ලැබෙන නිවැරදි තොරතුරු රටපුරා ස්ථාපිත විශේෂ කාර්ය බලකා කදවුරට කඩිනමින් යොමුකර විමර්ෂණ කටයුතු සිදුකිරිම සැලැස්මවේ.

නව අදහස දක්වන්න