ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ | දිනමිණ


 

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ රාජකාරි වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ, පොලිස් සේවය අපකීර්තියට පත් වන ආකාරයෙන් දුරකතන සංවාදවල නිරතවීමේ චෝදනා මත මෙම පියවර ගත් බවයි.

වැඩ තහනමට පෙර ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස කටයුතු කළේ ය.

ඉන් පසු ඔහු පොලිස් මූලස්ථානයට මාරු කර රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

 

නව අදහස දක්වන්න