CBH Lands දේපළ වෙළෙඳාම් ආයෝජන දිරිගන්වයි | දිනමිණ


 

CBH Lands දේපළ වෙළෙඳාම් ආයෝජන දිරිගන්වයි

සියලුම ආයෝජන ක්ෂේත්‍රයන් අතර, දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම කිසිවිටෙක නොවරදින ඉතාමත් ප්‍රතිඵලදායී ආයෝජනයක් බව ප්‍රකට කරුණකි. පළපුරුදු විශ්වාසනීය දේපළ වෙළෙඳාම් සමාගමක් සමඟ එක්ව සාධාරණ මිලකට හොඳ ඉඩමක් මිලදී ගැනීම අනාගතය වෙනුවෙන් කළ හැකි බුද්ධිමත් ආයෝජනයකි.

තරගකාරී ලෝකයේ වෙනස් වන ජීවන රටාවනට වඩාත් සරිලන සේ සංවර්ධනය කරන ලද හොඳම ඉඩමක් ඔබේ අවශ්‍යතාවට ගැළපෙන ආකාරයෙන් සාධාරණ මිලකට ලබාගැනීමෙහිලා CBH Lands සමාගම විශ්වාසය සපිරි හෘදයාංගම සේවාවක් ලබාදෙයි. වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රධාන නගරයක් වන කුරුණෑගල නගරය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ හොඳම ආයෝජනයක් සිදු කළ හැකි ප්‍රදේශය ලෙස CBH Lands දේපළ වෙළෙඳාම් විශේෂඥයන් විසින් හඳුනාගෙන ව්‍යාපෘති රැසක් දියත්කොට තිබේ. 2019 වසරේ දී CBH Lands හෝමාගම සහ මඩකළපුව වෙතද සිය සේවාවන් ව්‍යාප්ත කළ අතර, ඉදිරි වසර කිහිපය ඇතුළත ඒ සියලු ප්‍රදේශයන් තුළ ඉඩම් රැසක් සංවර්ධනය කොට පාරිභෝගික ජනතාව වෙත ගෙන එන්නට සමාගම සූදානම්ය. පර්චසයක් රු. 60, 000 ක් වැනි සාධාරණ මිලක සිට ආයෝජන අවස්ථා CBH Lands වෙතින් ඔබ වෙත ගෙන එන නිසා මේ අගනා ආයෝජන අවස්ථාව කිසිසේත්ම මඟ නොහැරිය යුතු වටිනා එකකි.

 

නව අදහස දක්වන්න